Gossips

ජී.පී.එස්. නොමැතිව ගල් වැලි, පස් ප්‍රවාහනය තහනම්

වැලි, පස් සහ ගල් ප්‍රවාහනය කරන ටිපර් රථ සඳහා අනිවාර්යයෙන් ජී.පී.එස්. සබඳතාව ලබා ගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
එය ලබා නොගන්නා ටිපර් රථවලට ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර නිකුත් නොකරන බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.