Gossips

ජීව අත්බෝම්බ 4ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ජීව අත්බෝම්බ 04ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාවතගම – පුස්සැල්ල සහ පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක තිබී ජීව අත්බෝම්බ 2 ක් සමඟ වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
ඔහු අද (16) පිලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (15) සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 2 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා.
39 හැවිරිදි මෙම පුද්ගලයා මොණරාගල – ගලබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.