Gossips

ජීව අත්බෝම්බ සහ ගිනි අවි සමඟ 5 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

අකුරැස්ස සහ පෑලියගොඩ ප්‍රදේශවල සිදුකරන මෙහෙයුම්වලදී ගිනි අවි සහ ජීවි අත්බෝම්බ ළඟ තබා ගත් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අකුරැස්ස – වැලිකැටිය – වන්ටොක්කා ප්‍රදේශයේදී ගිනි අවි 04ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අද (06) දහවල් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට (07) දිනයේදී මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රදේශයේ ජනතාව බිය වද්දමින් වන සතුන් දඩයම් කිරීම දීර්ඝ කාලයක සිට මෙම සැකකරුවන් සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පෑලියගොඩ දී ඇත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා. ඔවුන් කඩවත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.


ඡායාරූප – වැලිගම, තරංග ගුණරත්න