Gossips

ජීව අත්බෝම්බයක් සහ මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල – අස්වැද්දුම ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මතයි.
මේ අතර පේදුරුතුඩුව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 74ක් සමඟින් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ගලේවෙල නගරයේදී ද මෝටර් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 7ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.