කඩුවෙල – රනාල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු අද(21) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
