නීති විරෝධී ලෙස ජීවි කුරුල්ලන් 57 දෙනෙකු මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරතල් සතුන් අලෙවි කිරීමේ නිරතවන ව්‍යාපාරිකයෙක් වන මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.
ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ඇති අතර, ගමන් මලු කිහිපයක තිබු ප්ලාස්ටික් කුරුළු කුඩු තුළ බහා මෙම කුරුල්ලන් ගෙනැවිත් තිබෙනවා.
අත්අඩංගුවට ගත් කුරුල්ලන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 8ක් පමණ වන බව සඳහන්.