Gossips

ජීවිත දෙකක් බිලිගත් මාරක අනතුරු

අනතුරු දෙකකින් පුද්ගල මරණ දෙකක්
ගනේමුල්ල සහ පොල්ගහවෙල – ඈගල්ල ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ගනේමුල්ල – කිරිඳිවිට මාර්ගයේ මාකිලන්ගමුව ප්‍රදේශයේදී කිරිඳිවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව බෝකුවක ගැටී සිදුවූ අනතුරකින් ඊයේ මියගියේ 27 හැවිරිදි පුද්ගලයෙක්.
එමෙන්ම පොල්ගහවෙල – කහවත් ඇළ නාරම්මල මාර්ගයේ පදික වේදිකාවක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක ගැටී ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනතුර සිදුකළ වාහනය සොයා මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.