මහියංගනය, පදියතලාව, හතරේ කණුව ප්‍රදේශයේ සැරිසැරූ වන අලියෙකු වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.
ඊයේ (24) පස්වරුවේ සිට සිදුකළ මෙහෙයුමකදී රාත්‍රී 10.30ට පමණ මෙම සත්වයා අල්ලා ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම මෙහෙයුමට පශු වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුලු රන්දෙණිගල සහ දකුණු පළාත් වනජීවී නිලධාරී පිරිසක් එක්ව සිටියා.
පසුගියදා මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එම ප්‍රදේශයේ සැරිසරන වන අලින් අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා.
එම විරෝධතාවයෙන් අනතුරුවයි වනජීවී නිලධාරී මෙම වන අලි ඇල්ලීමේ මෙහෙයුම් ආරම්භ කළේ.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ රාත්‍රියේ අල්ලා ගැනීමට හැකිවූ වන අලියා දැරියන් දෙදෙනා ඝතනය කළ වන අලියා නොවන බවයි.
මෙම වන අලියා සුදුසු ප්‍රදේශයකට රෑගෙනයාමට නියමිත බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.