Gossips

ජීවිතය පරදුවට තැබූ සුරූපී තරුණියට ඇසිල්ලකින් අත්වූ ඉරණම

තම ජීවිත අවධානමේ හෙළමින් විවිධ භයානක ස්ථානවල සිට ඡායාරූප ගැනීමට ගොස් සිදුවන ජීවිත හානි පිළිබඳව අප නිරන්තරයෙන් අසා තිබෙනවා.
මෙලෙස දිවි පරදුවට තබා වාසනාවකට මෙන් තම දිවි බේරාගැනීමට සමත්වූ තරුණියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සංචාරයක් සඳහා බාලි දූපතට පමිණ සිටි තරුණියක් මෙම අනතුරට ලක්ව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
එහිදී මුහුදු වෙරළක් ආසන්නයේ ඇති ගල්තලාවක් මත සිටිමිනි එම තරුණියක් ඡායාරූපයක් ගැනීමට සුදානම් වනවා.
නොසිතූ මොහොතක සියල්ලන් අන්දමන්ද කරමින් පැමිණෙන රළ පහරකට හසුව ඇය ගසාගෙන යන්නේ එහි සිටි සියල්ලන් කම්පනයට පත් කරමින්.
කෙසේ වෙතත් කිසිවෙකු නොසිතූ මෙම අනතුරට ලක්වන තරුණියගේ දිවිබේරෙන්නේ ඇය රළ පහරට හසුව ගසාගෙන ගියද ගල්තලාව මත රැඳීම හේතුවෙන්.
පසුව එහි ඇදවැටී සිටි තරුණිය අසල සිටි පිරිස් එක්ව ඉන් බේරාගෙනවිත් අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම අවස්ථාව අසල සිටි අයෙකුගේ කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.