Gossips

ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ගම්වැසියන් පිරිසක් ගැන හිරු පුවත ඵලදරයි

ගමනාගමන කටයුතු සලසා ගැනීම සදහා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති පසුගියදා කළ අනාවරණය ඵලදරා තිබෙනවා.
ඒ අනුව ඉදිකිරීම් අතහැර දමා තිබූ බදුළු ඔය හරහා දිවෙන උඩුනුවර – ගල්කොටුව පාලමේ ඉදිකිරීම් ඊයේ යළි ආරම්භ කෙරුණා.
බදුල්ල – හාලි ඇල ප්‍රදේශයේ උඩුනුවර – ගල්කොටුව අතර බදුළු ඔය හරහා ඉදිකිරීම් ආරම්භ කළ පාලමේ වැඩකටයුතු කලක පටන් අතරමඟ නවතා දැමීම හේතුවෙන් දෛනිකව ඒ හරහා ගමන් කරන සිය ගණනක් වු ජනතාව මුහුණ පා ඇති අවදානම් සහගත තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති පසුගියදා අනාවරණ කළා.
කෙසේ වෙතත් අදාළ වැඩ අවසන් කර නොමැති පාලම ආසන්නයේ ඇති දැන්වීම පුවරුවේ දක්නට ලැබුනේ මීට වසර දෙකකට පමණ පෙර මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ එවකට ඉදිකිරීම් කටයුතු, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
ප්‍රදේශවාසින්ද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට චෝදනා කර සිටියා.