Gossips

ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙන හාලි ඇල ජනතාව

ගමනාගමන කටයුතු සරි කර ගැනීම සදහා ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙන මිනිසුන් පිරිසක් පිළිබදව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුනා.
ඒ, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල ප්‍රදේශයෙන්.
බදුල්ල – හාලි ඇල ප්‍රදේශයේ උඩුනුවර – ගල්කොටුව අතර බදුළු ඔය හරහා ඉදිකිරීම් ආරම්භ කළ පාලමේ වැඩකටයුතු කලක පටන් අතරමග නවතා දමා තිබෙනවා.
ඒ හේතුවෙන් දිනපතා සිය ගණනක් වූ ජනතාවට මේ හරහා ගමන් කිරීමට සිදුව ඇත්තේ දැඩි අවදානමක් මධ්‍යයේයි.
පාලමේ එක් කොටස පමණක් ඉදිකර ඇති අතර, පාලමේ පිවිසුම හා මැද කොටසේ ඉදිකිරීම් අතරමග නවතා දමා තිබෙනවා.