කැකිරාව – එප්පාවල ප්රධාන මාර්ගයේ කුඹුක්කැන්ද ප්රදේශයේදී බස් රථයක් ත්රීරෝද රථයක ගැටී මාර්ගය අසල තිබූ තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එප්පාවල පොලීසිය පවසන්නේ.
අද (29) පස්වරුවේ සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් ගත් එප්පාවල ප්රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසුවූ අයෙක් බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ආසන ප්රමාණයද ඉක්මවා මගීන් ගමන් කර මින් සිටි බවත්, බස් රථය තරමක වේගයෙන් ධවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ගමන් කළ ත්රීරෝද රථයක් එක් වරම දකුණට හැරවීමට උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේ අනතුරක් සිදුවීම වලකා ගැනීම සඳහා බස් රථ රියදුරු උත්සහ කිරීමේදී බස් රථය පාලනය කර ගත නොහැකිව ත්රීරෝද රථයේ ගැටී, අසල තිබූ තාප්පයක ද ගැටී ඇති අතර අනතුරින් බස් රථයේ සිටි මගීන් කිහිප දෙනෙකු බස් රථයෙන් පිටතට විසිවී වැටී සිටි බවද සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ඇතුළු 12 දෙනා එප්පාවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් පුද්ගලයින් නවදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ඡායාරූප – එප්පාවල, තිසර සමල්