Gossips

ජීවිතයක් අහිමි කළ මාරක අනතුර (ඡායාරූප)

ත්‍රිකුණාමලය – හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (23) සවස සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි තරුණයෙක් ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී 24 හැවිරිදි පුත්‍රයා විසින් ලොරි රථය පදවා ඇති අතර අනතුරෙන් මිය ගොස් ඇත්තේ ඔහුගේ පියා බවයි.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඡායාරූප – ත්‍රිකුණාමලය, අබ්දුල්සලාම් යාසීම්