Gossips

ජීවිතයක් අහිමි කළ කතරගම ගමන

ගාල්ල – මාතර මාර්ගයේ හතපැලෑන ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ 20 හැවිරිදි සහ 18 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයන් දෙදෙනා අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ අතර මාතර – හක්මන කෝංගල , 13 කණුව ප්‍රදේශයේ දි බස්රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
ඊයේ රාත්‍රි 8.30 ට පමණ මෙම අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 5 දෙනා මාතර, කඹුරුපිටිය සහ දෙයියන්දර රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙක්.
එමෙන්ම දෙණියාය – පැට්නා ප්‍රදේශයේ වතු යායකදී වෑන් රථයක් අඩි 350ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු ඊයේ පස්වරුවේ තුවාල ලැබුවා.
හක්මන, කෝංගල ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුර