Gossips

ජීවන වියදමට එරෙහිව ඉරාන වැසියන් වීථි බසී

ජීවන වියදම උසුලා ගත නොහැකි තරම් ඉහළ ගොස් ඇති බව පවසමින් ඉරාන වැසියන් ටෙහෙරාන් නගර මධ්‍යයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඉරාන විනිමය අගය සීග්‍රයෙන් පහත වැටීම ද ඊට තවත් හේතුවක්.
ටෙහෙරානයේ කඩ සාප්පු සියල්ලම පාහේ වසා දමා ඇති අතර, දහස් ගණන් වැසියන් වීථිවලට රොක් වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ගමන් ගනිද්දී, පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව සඳහන්.
2012 වසරෙන් පසු ඉරානයේ ඇති වූ විශාලතම ජනතා විරෝධතාව මෙයයි.