රටේ බඩු මිල අඩුවී ඇති අතර, ජීවන බර වැඩිවී නොමැති බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ලබන අප්‍රේල් මාසය දක්වා කල් යා හැකි බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
