Gossips

ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවෙන් දැවී ගිය සෞම්ය සර්කාර් ආබාධයකට ලක්වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගය දැන් ක්‍රියාත්මකයි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශය පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 120ක් ලබා සිටිනවා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් බවට පත්ව සිටි සෞම්ය සර්කාර් දවා ගැනීමට සිය පළමු පන්දුවාරයේදී පළමු පන්දුවෙන්ම ජීවන් මෙන්ඩිස් සමත්වුනා.
දැවී යන විට පන්දු 32 කින් ලකුණු 51 ක් ලබා සිටි සෞම්ය සර්කාර්ගේ ලකුණු අතරට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් වුනා.
ඔහු දැවී යාමත් සමග පාදයේ ආබාධයකට ලක්වු අතර ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියේ අතිරේක ක්‍රීඩකයන්ගේ සහය මතයි.
බංග්ලාදේශ කණ්ඩායමේ සකීර් හසන් ලකුණු 10 යි. අෆීෆ් හුසේන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
මුශ්ෆිකර් රහීම් සහ මහමුදුල්ලා පන්දුවට පහරදෙමින් සිටිනවා.