ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගි වූ දූත පිරිස හා ජනාධිපතිවරයා විවේචනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ලබාගත් තීරණ සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කර ඇති නිවේදනයකට පිළිතුරු ලබාදෙමින්.
අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කර ඇති නිවේදනයේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිස පිළිබඳව හා ලබාගත් තීරණ සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ ඒ අතරින් ඇතැමුන්ගේ ප්‍රකාශ සාවද්‍ය හා වැරදි අර්ථ කථන සපයන සුළු ඒවා බවයි.
එමෙන්ම මේ වසරේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙරට දූත පිරිසගේ ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතුද යන්න පිළිබද ඔවුන් දැනුවත් කළේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
අමාත්‍යවරයාගේ මෙම නිවේදනය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලනඥයන් මෙලෙස අදහස් පළ කළා.