මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මුදල් භාවිතය පිළිබඳව චෝදනා එල්ලවී ඇති ආයතනයකට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මිලදී ගැනීමට ඉඩ සැළසීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
