ජා ඇල දුම්රියපොල පාර ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට ඊයේ (27) රාත්‍රියේ ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු එහි තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබෙනවා.
වෙළඳසැලේ සේවකයින්ට ගිනි අවියක් සහ පිහියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි ජා-ඇල පොලීසිය ප්‍රකාශ කළේ.
කොල්ලකරුවන් එහිදී වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර, ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි ජා-ඇල පොලීසිය සදහන් කළේ
