Gossips

ජාවාරම්කරුවන් අතින් විනාශවන පුල්මුඩේ ඛනිජ වැලි නිධිය

මෙරටට විදේශ විනිමය සපයන ජාතික සම්පතක් වන, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය ප්‍රමුඛ සේවකයින් ඊයේ දිනයේදී දැරූ උත්සාහයත් අසාර්ථක වුණා.
ඒ, ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන්, ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසකගේ විරෝධය එල්ල වීම හේතුවෙන්.
පුල්මුඩේ ඛණිජ වැලි නිධියෙන් දෛනිකව වැලි සොරාගැනීමේ ජාවාරමක් පිළිබඳව ලද තොරතුරු මත, එම වැලි නිධිය වටා ආරක්ෂක වැටක් ඉදිකිරීමට ලංකා ඛණිජ වැලි සංස්ථාවේ සේවකයින් මීට පෙර අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තා.
මීට පෙර පසුගිය මස 22 වැනිදාද ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා ඔවුන් ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි වැලි ජාවාරම්කරුවන් ඇතුළු පිරිසක්එල්ල කළ ප්‍රහාරයකින් ඛණිජ වැලි සංස්ථා සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට ද සිදුවුණා.
ජාතික සම්පතක් වන පුල්මුඩේ වැලි නිධිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඊයේ දිනයේදීද එම සංස්ථාවේ සභාපතිනිය ප්‍රමුඛ සේවකයින් ආරක්ෂක වැට ඉදිකිරීම සඳහා පැමිණියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද සමගින්.
එහෙත් ඊයේ දිනයේත් එම ස්ථානයට පැමිණි වැලි ජාවාරම්කරුවන් ඇතුළු පිරිසක් ආරක්ෂක වැට ඉදිකිරීමට ඉඩ දුන්නේ නැහැ.
පැවති කලබලකාරී තත්ත්වය හේතුවෙන් පුල්මුඩේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත ආරක්ෂක වැටෙහි ඉදිකිරීම් අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තා.

rn