Gossips

ජාලිය වික්‍රමසූරියට යළි විවෘත වරෙන්තු

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) යළි විවෘත වරෙන්තුවක් නිකුත් කළා.
එසේම ඔහුට ඇප තැබූ බිරිඳට සහ ඇගේ ඥාති සහෝදරියකට ද නැවත වරෙන්තු නිකුත් කරන බවයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රකාශ කළේ.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට චෝදනා එල්ලවී තිබෙනවා.
නඩුව ලබන මස 14 වනදා යළි කැඳවනු ඇති.