ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නැවත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.
ඒ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඔහුට ඇප තැබූ ඔහුගේ බිරිඳ සහ ඥාති සහෝදරියකට ද මෙලෙස වරෙන්තු නිකුත් කිරීමටයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වැඩිදුරටත් නියෝග කළේ.
