Gossips

ජාලිය වික්‍රමසූරියගේ ඉල්ලීම ඉවතට

තමන් තවමත් ශ්‍රී ලංකා තානාපතිවරයෙකුට හිමි වරප්‍රසාද දරණ බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය අද(29) ප්‍රතික්ෂේප කළා.
ඔහු තම පෙත්සම මගින් දක්වා තිබුණේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමරිකානු විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමුකර ඇති ලිපිය බල රහිත ලෙස නියෝග කරන ලෙසයි.
එමෙන්ම, තානාපතිවරුන් පත් කිරීම සඳහා ඒ ආශ්‍රිත කටයුතු ජනාධිපතිවරයාගේ බලතල යටතේ සිදුකරන බැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි නීතිපතිවරයා විරෝධතා ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල සඳහන් කළේ එවැනි නියෝගයක් කිරීමේ නීතිමය බලයක් තම අධිකරණයට නොමැති බවයි.