Gossips

ජාතීන් අතර අසමගිය රටක දියුණුවට බාධාවක් – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීමට අපහසු වී ඇත්තේ ජාතීන් අතර ඇති අසමගිකම් හේතුවෙන් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිරෙනා්ල්ඩ් කුරේ පවසනවා.
මැදපෙරදිග රටවල පවා දියුණුව අඩාල වි ඇත්තේ ජාතින් අතර අසමගිය හේතුවෙන් බවයි ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ අන්තවාදී ප්‍රකාශ හේතුවෙන් යුද්ධය අවසානයෙන් පසු සාමකාමීව ජීවත්වන ජනතාව අසමගි වන බව ද රෙජිනෝල්ඩ් කුරේ පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ අනාගතය පවතින්නේ දැනුම හා අධ්‍යාපනය වන අතර අධ්‍යාපනය වෙනුවෙන් උනන්දුවක් ඇතිවන විට ආර්ථික දියුණුව පමණක් නොව ජාතීන් අතර සමගිය ද වර්ධනය වන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා කියාසිටියේ මෙරට වැඩි වශයෙන් ලේ දන් දෙනු ලබන්නේ සිංහල ජනතාව බවයි.
කෙසේවෙතත් එමගින් සහනය සැලසෙන්නේ සිංහල දමිළ මුස්ලිම් ඇතුලු සියලු ජනතාවට බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියාසිටියේ.
එබැවින් සමාජය වැරදි මගට යොමු කරවන ප්‍රකාශ වලින් තොරව සමාජය නිවැරදි මගට ගැනීමට කටයුතු කළ යුතු බව ද රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළා.