ජාතීන් සහ ආගම් අතර අසමගිය ඇති වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ කළ පාසල් සිසුන් තුන්දෙනෙකු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කොළඹ ප්‍රසිද්ධ පාසල් කිහිපයක ඉගෙනුම ලබන මෙම සිසුන් තුන්දෙනා රහස් පොලීසිය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ මාකොළ ළමා රැදවුම් නිවාසය භාරයේ තබන ලෙසටයි.
