Politics Sri Lanka

ජාතිවාදී සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

ජාතිවාදී සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

ජාතිවාදී ආකාරයට සිදුවන සියලුම සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජාතික භික්ෂු පෙරමුණ අද (06) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

යහපාලනයක් ඇති කිරීමට බලයට පැමිණි පිරිස තම තමන්ගේ බලය රැක ගැනීම සඳහා රට අරාජික කර දමා තිබෙන බව එම භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළහ.

රට අරාජික වීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතිවාදී කණ්ඩායම් හිස ඔසවමින් තිබෙන බවත්, මේ නිසා 2015 ජනවාරි 08දා ඇතිකරගත් ජනතා පැතුමන් සුණු විසුණු වී යමින් තිබෙන බවත් ඒ හිමියෝ පවසා සිටියහ.

මෙම ජනමාධ්‍ය හමුවට ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ලෙකම් බඹරගහකන්දේ ඤාණසිරි හිමි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වාවුවේ විජිතවංශ හිමි, ජාතික විධායක සභික, වෛද්‍යාචාර්ය තලහගම ඤාණසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වී සිටියහ.