Gossips

ජාතිය අමතක කරන්න – අගමැති මහතීර් යොවුන් මැලේසියානුවන්ට කියයි

තමන් පැවතෙන ජාතිය අමතක කොට සියල්ලන් ශුද්ධ මැලේසියානුවන් ලෙස සිතිය යුතු බව එරට අග්‍රාමාත්‍ය ධුරයට නැවත පත්වූ 92 හැවිරිදි මහතීර් මොහොමඩ් යොවුන් පරපුරෙන් ඉල්ලීමක් කළා.
සිංගප්පූරු රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ මැලේසියාව බහුවාර්ගික, බහුභාෂා, බහු ආගමික රටක් පමණක් නොව බහු සංස්කෘතික දේශයක් ලෙස සැළකිය යුතු බවයි.
එහිදී පැවතෙන ජාතිය අමතක කොට සියල්ලන් එක්ව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.
මැලේසියාවේ ජනගහණයෙන් සියයට 70 ක් ස්වදේශිකයන් වන අතර, හතරෙන් එකක් චීන සම්භවයක් සහිත අයයි.
ඉන්දියානුවන් ඇතුලු අනෙකුත් ජාතීන්ගෙන් මැලේසියානු ජනගහණය සමන්විත වනවා.
විටින් විට ජාතීන් අතර වාග් සංග්‍රාම මතුවුවද 1969 වසරෙන් පසු මැලේසියාවේ වාර්ගික ගැටුමක් ඇතිවී නැහැ.