ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇති බව සඳහන්.
සෞඛ්‍ය පර්යේෂණ නියාමන, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමනාකරණය කිරීම ද මෙම ජාතික පර්යේෂණ සභාව මගින් සිදුකෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව මෙම සභාව සඳහා සාමාජිකයන් 5 දෙනෙකු පත් කරන අතර ඉදිරියේදී එම සභාවට අදාළ පනත් කෙටුම්පත අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
