Gossips

ජාතික සේවක සංගමයේදී, සිරුරට ගිනි තබා ගත්තේ ලංගම සේවකයෙක් බව හෙළිවෙයි

පිටකෝට්ටේ – සිරිකොත – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යාබදව පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මේ වනවිටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එසේම, ඔහු කොන්ත්‍රාත් පදනම මත සේවය කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමික සේවකයෙකු බවටයි අනාවරණ වන්නේ.
ඔහු ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ජාතික සේවක සංගම් භූමිය තුල විරෝධතාවක නිරත වීමට සැලසුම් කර ඇති අතර ඒ අතරතුර මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
ඔහු ඇතුළු පිරිස විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ඇති වූ ගැටළුවක් විසදා ගැනීම සඳහා මෙම විරෝධතාව සැලසුම් කර ඇති බවට වාර්තා වුණා.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොළඹ මධ්‍යම බස් නැවතුම් කාර්යාලයේ අධීක්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති මෙම පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි නිමල් පෙරේරා නමැත්තෙක්.
එසේම, ඔහු දේශපාලන හේතූන් මත රැකියා අහිමි වූවන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබන කළුබෝවිල රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ පෙට්‍රල් වත්කර ගනිමින් සිරුරට ගිනි තබා ගත් ඔහුගේ මුහුණ, දෙඅත් සහ පපු ප්‍රදේශයෙන් පහළ ඉන අතර කොටස පිලිස්සී ඇති බවයි