මෙරට නිපදවන ආහාර ද්‍රව්‍ය වල අඩංගු අපවිත්‍රකාරක මට්ටම් නියාමනය සඳහා ජාතික විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 286 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත අතර, මෙම විද්‍යාගාරය ස්ථාපිත කිරීම මගින් රසායනික – කාබනික පොහොර, පලිබෝධනාශක වල යෙදවුම් තත්ත්වය සහ අතිරික්ත භාවිතය මෙන්ම ආහාර ද්‍රව්‍යවල අඩංගු අපවිත්‍රකාරක මට්ටම නියාමනය කෙරෙනු ඇති.
