Politics Sri Lanka

ජාතික ලැයිස්තුවෙන් ආපු කීපදෙනෙක් පක්ෂය විනාශ කරනවා

ජාතික ලැයිස්තුවෙන් ආපු කීපදෙනෙක් පක්ෂය විනාශ කරනවා

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුළි රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවත් තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ අද (01) පෙරවරුවේ මෝදර, කිඹුලාඇල ප්‍රදේශයේදීය.