Gossips

ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක හෙද, හෙදියන් වර්ජනයේ

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන් අද පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ, උසස්වීම් කප්පාදුවට එරෙහිව සහ නිළ ඇඳුම් දීමනාව ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ.