Gossips

ජාතික රෝහලේ බරපතළ කුණු තර්ජනයක් (ඡායාරූප)

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර ගණනාවකින් දෛනිකව විශාල ඉවත් කෙරෙන සායනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කරන්නේ මෙම සායනික අපද්‍රවය දෛනිකව රෝහල් පරිසරයෙන් ඉවත් කර, ආරක්‍ෂිතව පුළුස්සා දැමීම සිදුකලත්, පසුගිය මාසයක පමණ කාලයක සිට කිසියම් බාහිර ගැටලූවක් නිසා මෙම සායනික අපද්‍රව්‍ය ජාතික රෝහලේ ජාතික අපස්මාර ගොඩනැගිල්ල පිටුපස ප්‍රදේශයේ ගොඩගසන බවයි.
මේ හේතුවෙන් රෝහල අවට පරිසරය සහ එහි වෙසෙන කාර්ය මණ්ඩලය හා රෝගීන්ගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල වී තිබෙනවා.
මෙම ගැටලුව පිළිබඳ රෝහල් බලධාරීන් මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ඇමතිවරයාත් දැනුවත් කර ඇති අතර කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ දක්වා මෙම ගැටලූවට විසදුමක් ලබාදී නොමැති බවයි සමස්ත ලංකා හෙද සංගමය වැඩිදුරටත් පවසන්නේ.