Gossips

ජාතික රෝහලේ අපද්‍රව්‍ය ගැටළුවක්

ජාතික රෝහලේ ශල්‍යාගාරවලින් ඉවත දමනු ලබන සායනික අපද්‍රව්‍ය රෝහලේ අපස්මාර ඒකකය පිටුපස ගොඩගසා තැබීමෙන් රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත පවසනවා.
ඔහු කියා සිටියේ මෙම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරන සමාගම එය නිසි පරිදි ඉටු කර නොමැති අතර, මේ නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටම ඩෙංගු රෝගය වැළදී ඇති බවයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මෙවන් අපද්‍රව්‍ය ගැටළුවක් හටගෙන ඇති බවත්, ඊට කඩිනමින් විසදුම් ලබාදීමට අදාළ සමාගම සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි.