ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පේෂල බණ්ඩාර ජයරත්න පත් කර තිබෙනවා.
ඊයේ (02) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ පත්කිරීම සිදුකර ඇතිබවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
මිට පෙර පේෂල බණ්ඩාර ජයරත්න කටයුතු කළේ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසයි.