Gossips

ජාතික මහා සඟ සමුළුව නෙලුම් පොකුණ රඟහලේදී

ජනතා පරමාධිපත්‍ය සුරැකීම සඳහා වන සංඝානුසාසනාව මැයෙන් ජාතික මහා සහා සඟ සමුළුව අද (30) පස්වරුවේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මහා සඝ සමුළුව සඳහා මහවැලි කේන්ද්‍රයේ සිට නෙලුම් පොකුණ රඟහල දක්වා සංඝයා වහන්සේ වැඩම කළේ පාගමනින්.
අනතුරුව නෙලුම් පොකුණ රඟහලේදී මහා සඝ සමුළුව ආරම්භ කෙරුණේ අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ යන සිව් නිකායේ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.