44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත අද (14) සමත් වුණා.
ඒ, රන් පදක්කම් 101 ක්, රිදී පදක්කම් 86ක් සහ ලෝකඩ පදක්කම් 76ක් ලබා ගනිමින්.
අනුශුරතාව දිනාගත්තේ මධ්‍යම පලාත් කණ්ඩායමයි.
ඔවුන්ට රන් 46ක්, රිදී 41ක් සහ ලෝකඩ පදක්කම් 53ක් හිමිවුණා.
සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානය හිමි කර ගත්තේ දකුණු පළාත් කණ්ඩායමයි.
පොළොන්නරුව – ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ අද අවසන් වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්තිය සිදුවුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
