Gossips

ජාතික පුස්කොළ පොත් නාමාවලියේ පළමු වෙළුම ප්‍රකාශයට පත් කිරීමට පියවර

ජාතික පුස්කොළ පොත් නාමාවලියේ පළමු වෙළුම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 55 ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුලු 3600 කට අධික පෞරාණික ග්‍රන්ථ සංඛ්‍යාවක් සංරක්ෂණය කිරීමේ කටයුතු හරහා එම වැඩපිළිවෙල ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
පුස්කොළ පොත් සංරක්ෂණය කඩිනමින් සහ නිසි ප්‍රමිතියකින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකාව පුරා විහාරස්ථානවල සහ පෞද්ගලික එකතු ලෙස පවතින පුස්කොළ පොත් නිසි පරිදි හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීමේ අරමුණින් එම වැඩසටහන ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.