ලබන වසරට අදාළ ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ඇතුළත් ලේඛණය තැපැල් මගින් ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ www.moe.gov.lk යන වෙබ් අඩවිය මගින් ද අදාළ නාම ලේඛණ ලබා ගත හැකි බවයි.
ඊට අදාළ අභියාචනා ඇත්නම් දෙසැම්බර් 28 වනදාට පෙර යොමුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.