ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ඒ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සිදුකළ ප්‍රකාශ අනුවයි.
