Gossips

ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට

මහ බැංකු බැඳුම්කර කොමිසමේ ඇමුණුම් මහජනයාට පරිශීලනය කිරීමට ජනාධිපති ලේකම්වරයා අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඔහුද එම තොරතුරු වසන්කිරීමට හවුල්වන පුද්ගලයෙකු බවට සලකන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
අද පෙරවරුවේ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙම අදහස් පලකළා.
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති මහබැංකු බැදුම්කර වාර්තාවේ ඇමුණුම් කිහිපයක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණියා.