Gossips

ජාතික දින සැමරුම් පෙරහුරු අද සිදුනොවේ

71 වන ජාතික දින සැමරුම් උළෙල නිමිත්තෙන් අද සිට පෙබරවාරි 7 වන දා දක්වා පුරා සතියක කාලයක් රජයේ සෑම ආයතනයකම ජාතික ධජය ඔසවන ලෙස රජය දැනුම් දෙනවා.
එමෙන්ම අද සිට 7 වන දා දක්වා සෑම නිවසකම, ව්‍යාපාරික ස්ථානයකම ජාතික ධජය ඔසවා තබන ලෙසයි රජය, මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
71 වන ජාතික දින උළෙල පෙබරවාරි 4 වන දා ගාලූමුවදොර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ජාතික උළලේ පෙරහුරු කටයුතු අද දිනයේ සිදුනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ජාතික දිනය නිමිත්තෙන් අදත් පෙරහුරු කටයුතු පැවැත්වෙන බව කලින් ප්‍රකාශ වුවද එය අවලංගු කර ඇති බව සඳහන්.
පෙරහුරු කටයුතු සිදුවන විට උදෑසන 6.30 සිට පස්වරු 1 දක්වා ගාලූමුවදොර ආශ්‍රිත මාර්ග වසා තැබුණා.