Gossips

ජාතික තිරසර කථිකාව හෙට එළිදැක්වෙයි

වර්ෂ 2030 වන විට ශ්‍රී ලංකාව තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරනු ලැබූ විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කථිකාව එළිදැක්වීම හෙට සිදුකෙරෙනවා.
ඒ පිළිබදව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න කියා සිටියේ අදාළ විශේෂඥ කමිටුව සියළු අංශ නියෝජනය කරමින් පත් කර ඇති බවයි.