Gossips

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම්

රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් චෙක්පත් මගින් වංචා කළ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 37 සිර දඬුවම් නියම කළා.
ඒ, අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී සැකකරුට රුපියල් ලක්ෂ 40ක දඩයක් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130ක වන්දියක් ගෙවන ලෙසට ද නියම කෙරුණා.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ 2005 වසරේදී ගණකාධිකාරීවරයාව කටයුතු කළ ආනන්ද මාබෝල නැමති මොහු එහි කළමනාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් එම මණ්ඩලයට අයත් චෙක්පත් 57කින් රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වනවා.