Gossips

ජාතික කොඩිය නියම ප්‍රමිතියකින් යුක්තද ?

70 වන ජාතික නිදහස් උත්සවය සමරන්නට සූදානම් වන මොහොතේ ජාතික කොඩිය පිළිබඳව වැඩි අවධානයක් යොමුවනවා.
අප භාවිත කරන ජාතික කොඩිය නියම ප්‍රමිතියකින් යුක්තද ?
අපේ අභිමානය අනන්‍යතාව මෙන්ම ප්‍රෞඩත්වය විදහා දැක්වෙන ජාතියේ ප්‍රමුඛතම සංකේතය වන්නේ ජාතික කොඩියයි.
මෙහි ඇති වැදගත්කම නිසාම ජාතික කොඩිය 1985 වසරේදී ප්‍රමිතිගත කරනු ලබනවා.
ජාතික කොඩිය භාරව පවතින ස්වදේශ කටයුතු අමාත්‍යාංශ පවා පෙන්වා දෙන ජාතික කොඩියේ වැරදි පවතින බව බන්දුසේන මහතා පවසනවා.
ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිශෝධක මුද්‍රණයේ ඇති ජාතික කොඩි ප්‍රමිති ගතකර ඇති ජාතික කොඩිය හා විශාල වෙනස්කම් පැවතීම කණගාටුදායක තත්ත්වයක්.
365 දිනයේම කොළඹ ගාලුමුවදොර පිටියේ ලෙල දෙන ජාතියේ විශාලතම ජාතික කොඩියද ප්‍රමිතියෙන් තොර බව ජි.එන්. බන්දුසේන මහතා පවසනවා.
නිවැරදි ජාතික කොඩියක් පවත්වාගැනීම සදහා බන්දුසේන මහතා ගන්නා උත්සාහයට රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙතෙක් සාර්ථක පිළිතුරක් නොලැබීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේ ද?