Gossips

ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක් තේරී පත්වෙයි

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස සුරේෂ් සුබ්‍රමනියම් තේරී පත්වී තිබෙනවා.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වු මාතෘකාවක් වූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (23) පස්වරුවේ
කොළඹ පිහිටි ජාතික ඔලිම්පික් නිවහනේදී පැවැත්වුණා.
මෙවර නිලවරණය සඳහා පාර්ශව දෙකක් ඉදිරිපත් වී සිටි අතර, ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ඊට ඉදිරිපත් වී සිටින එක් පාර්ශවයක්.
අනෙක් පාර්ශවයෙන් ඉදිරිපත් වුයේ ටෙනිස් සම්මේලනයේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්.
අවසන් වරට ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පවත්වා ඇත්තේ 2009 වසරේදීයි.