රජයට පාඩු වන අයුරින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ එවකට සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද පැනවීමටයි.