Gossips

ජාතික ආර්ථික සභාව ETI ආයතනයෙන් වාර්තාවක් ඉල්ලයි

ETI ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව පිළිබඳව සහ එහි ආයෝජක සමාගමේ හිමිකාරිත්වය ගැන සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බව ජාතික ආර්ථික සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ, ඊ.ටී.අයි. ආයතනය සම්බන්ධයෙන් එම සභාවේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින්.
පසුගිය 26 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර එහිදී ඊ.ටී.අයි. ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබුණා.
අනතුරුව ඒ සම්බන්ධයෙන් ජාතික ආර්ථීක සභාව නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා.