Gossips

ජාතික ආර්ථික සභාවට ජනපතිගෙන් උපදෙස්

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට සියලූ විධිවිධාන යොදන ලෙසට ජාතික ආර්ථික සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
ඊයේ පස්වරුවේ ජාතික ආර්ථික සභාව 12 වන වරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වුණා.
දේශීය කර්මාන්තකරුවන් මුහුණදී ඇති ප්‍රධාන ගැටළු 6 ක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ආනයනික සෙරමික් සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවත් කිරීම හේතුවෙන් එම කර්මාන්තය කඩාවැටීමට ඇති අවදානම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව පෙර පැවති සෙස් බද්දට සමාන අගයකින් රේගු ආනයනික බද්දක් පැනවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
දේශීය කර්මාන්තකරුවන්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ණය පහසුකම් ලබාදීමට රාජ්‍ය බැංකුවලට විශාල වගකීමක් පවතින බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.